පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම රටක් ලෙස ලැබූ පරාජයක් ලෙස සැලකිය හැකි නමුත් විපක්ෂ දේශපාලන පක්ෂ එය සලකමින් සිටින්නේ ආණ්ඩුව ලැබූ නැතිනම් රාජපක්ෂවරු ලැබූ පරාජයක් ලෙසය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් එම යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබි තිබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 11 ක ලැබී තිබිණි. එසේම ඡන්ද ප්‍රකාශ නොකර සිටීමට රටවල් 14 ක් ක්‍රියාකර තිබිණි. මේ අනුව යෝජනාවට බහුතර ඡන්දයක් ලැබී එය ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය.

ලංකාවේ පරිසර විනාශය සම්බන්ධ බරපතල ගැටළුවක් පවතින බව විවාදයක් නැතිව පිළිගත යුතු ඇත්තකි. එය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පැවැති කිසිදු ආණ්ඩුවක් විසින් හෝ ප්‍රතික්ෂේප නොකළ ඇත්තකි. එහෙත් පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් අප ගෙන තිබෙන පියවරයන්ට වඩා පරිසරය යළි යළිත් හානියට හේතු වන පියවරයන් ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.

කැලෑ කපන කතා දැන් ඔක්කාරෙට එන තරමට වැඩි වී ඇත. පසුගිය මාස කිහිපය තුල සමාජ මාධ්‍ය ප්‍රමුඛව අනෙකුත් මාධ්‍යයන් විසින් වාර්තා කළ සිදුවීම් ප්‍රමාණය අනුව තවත් කපන්නට තරම් කැලැයක් මේ රටේ ඉතිරිව තිබෙනවාද සැක සහිතය. ජවිපෙ මූලිකව එජාප(සජබ) කොටසකුත් සහ වෙනත් විපක්ෂ කුඩා කණ්ඩායම් මෙලෙස මහා වන විනාශයක් රටතුල සිදුවෙමින් පවතින බවට දැවැන්ත ප්‍රචාරයක් සිදු කරමින් තිබේ.

හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත වතාවක් දේශපාලන කරළියෙහි හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. මෑතක සිට සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදෙමින් ඇය තමන්ගේ දේශපාලන පෞර්ෂය ඔසවා තැබීම වෙනුවෙන් යමක් කරමින් සිටියා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පරිසරයට වන හානිය ගැන වාර්තා වෙන පුවත් සීග්‍ර ලෙස වැඩිවීම කැපි පෙනුනු තත්වයක් විය. මුල් වකවානුවේදීම වැලි පස් මැටි සඳහා පනවා තිබූ තහංචි ඉවත් කිරීම නිසා එය පරිසර හානියකට මඟ පැදිනි.

වතුරට වඩා ලේ ඝනකමයි.. කියා ජනවහරේ කියමනක් ඇත. මේ කියන්නේ ලේ ඥාතිත්වය අනෙක් සියලු සම්බන්ධකම්වලට වඩා ශක්තිමත් බව කියන්නය. මේ ලේ ඥාතිකම ගැන ලංකාවේ දේශපාලනයේ හොඳම උදාහරණය සපයා ඇත්තේ රාජපක්ෂ පරපුරය.

සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us