වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි.

දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.

ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.

මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය.

අද දිනය ශ්‍රී ලංකා දේෂපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක් වනු නොඅනුමාන ය. මන්ද දිරාපත් වූ, කරකැවිය නොහැකි කරත්ත රෝදයත්, කාලයක් අක්‍රීයව තිබූ හෙයින් වයින් කළ නොහැකි ඔරලෝසුවත්, මිල පහත බැස ඇති පංචායුධය පිවිතුරු යැයි කියාගන්නා අපවිත්‍ර කණ්ඩායමක් සමග සිය අඩුවැඩිය යළි බලගැන්වීම සඳහා කැසකවන දිනයක වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටිමින් පසුගිය දා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පාදක කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරුගම්බේ වෙරළෙහි ඉදිකර ඇති, අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන 54 ක් පිළිබඳ හෙළිදරවු කළේය. මෙම නිවාඩු නිකේතන ඉදිකිරීම පිටුපස තවත් කතාන්තරයක් තිබේ.

එක් දහස් නවසිය අනූවේ පෙබරවාරි 17 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us