මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ප්‍රියතම පොතක් වෙච්ච හත්පෙති මල දැක්ක ගමන් මට ආයෙත් ඒක ගන්න හිතුණා. ඒක ඒ තරමටම හිතට වැදිච්ච කතාවක්. මගේ යාලුවත් පොඩි කාලේ ඒ පොත කියවල තිබුණා. ඉතින් ඒ පොතයි තව පොත් කීපෙකුයි අරගෙන අපි දෙන්න ඇවිදගෙන ආවා සමර් ගාඩ්න් එක පැත්තට. ඒ එන අතරෙත්, ගිහිල්ලත් අපි කතා වුණේ ඉස්සර අපි කියවපු ලස්සන රුසියානු පොත් ගැන.

ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ කව්ද කියල අපි හැමෝම දන්නවා. ඒ නිසා ඔහු ගැන අමුතුවෙන් සටහනක් තැබීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වී පෙරේදාට (18) දින 2,000ක්. ඒ වෙනුවෙන් සහ සියලු අතුරුදහන්කිරීම්වලට එරෙහිව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ, පුතුන් දෙදෙනා වන සංජය හා හරිත් එක්නැළිගොඩගේ මූලිකත්වයෙන් මෝදර කාලි කෝවිලේ විරදම් අධිෂ්ඨාන පුජාවක් පැවැත්වූයේය. හැමදාමත් ඔවුන් සමග ප්‍රගීත් එක්නැළිගොඩ සොයාගැනීමේ අරගලයේ සිටි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාද එම අවස්ථාවට සහභාගී වී සිටියේය. දෙයියො බුදුන් ඇදහීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ අපට වෙනම කියවීමක් ඇත. නමුත් අද දවසේ ඔවුන්ට නොපෙනන දෙවියන්ගේ උපකාරය අවශ්‍යවී ඇත්තේ පෙනෙන මිනිසුන් විසින් අද දවසේ එක්නැළිගොඩලා අමතක කර ඇති බැවිනි.

නාම යෝජනා කලිකලහය ගිනි ගන්නට ආසන්න තරමට ගිනියම් වී පැවැති පසුගිය සති අන්තයේ තවත් ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබුණි. ඒ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයකි. එය එතරම් ගණන් ගත යුතු ප්‍රකාශයක් හැටියට සැලකිය නොහැකි වුවද ප්‍රතිවාදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වයෙන් ඊට එරෙහිව එල්ල වුණේ ප්‍රබල ප්‍රහාරයකි.

පසුගිය දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශ්වය එය දකින්නේ, මහින්දට දුන් කනේ පාරක් ලෙසයි. මන්ද යත්, මහින්දට නාම යෝජනා දීමට තමන් විරුද්ධ බවත්, මහින්ද දෙවැනි වරටත් පරාජය වනු ඇතැයි ඔහු කීමත් නිසා ය. තවද, විශ්වාස භංගයක් හරහා මහින්ද රාජපක්ෂව අගමැති තනතුරට ගෙන ඒමේ වෑයමක්ද තමා පරාජය කළ බව ඔහු කීවේය. එයද, එක්සත් ජාතික පෙරමුණු සන්ධානයට දේශපාලනික වැදගත් කමක් ඇති ප්‍රකාශයකි.

‘‘මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය

සැප ගෙනදෙනා සුගතිඳු බණටත් වැඩිය

ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’’

ඉහත කවියෙන් දැක්වෙන්නේ ඉවසීමේ යහපතයි. තවද ඉවසීමේ සැනසීම ලබන්නට නම් ඉවසා... ඉවසා... නොහැකි තැන ද තවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසේ. මේ දිගහැරෙන්නේ එසේ ඉවසා... ඉවසා... බැරිම අවස්ථාවේ තවත් ඉවසා සිටීමෙන් ලද ප්‍රතිඵලය පිළිබඳ යමක් පැවසීමට ය.

ආක්ෂා සුධාරි මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. මේ වන විට බොහො පිරිසක් ඇයව පට්ට ගහන්න පටන් අරන්ය . එයත් සිදුව ඇත්තේ කාන්තාවකට පහර එල්ල කරන්න පුලුවන් කැතම අකාරයටය. මේ විදිහට ඇයගේ පුද්ගලික කාරණයක් අල්ලගෙන ගහන එකට නම් කිසිසේත් එකග විය නොහැකිය. ඇය මුදල් වංචාවකට චෝදනා ලබා තිබෙනවා වීමට පුළුවන. එයට අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතී. ඇය ජනප්‍රිය චරිතයක් නිසාවෙන් එම අධිකරණ කටයුත්ත බොහෝ මාධ්‍ය පලකර ඇත. ඇගේ කටඋත්තරය පළ කිරීම වෙනම කාරණයකි. නමුත් තමන්ගේ මාකට් එක ගැන හිතන බොහෝ උදවිය එම කටඋත්තරයේ එක් කොටසක් උලුප්පමින් නිව්ස් එක උස්සා ගන්න හදන බව පැහැදිලියි.

ආදරනීය මිතුරනි,

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!

ඒ නයා සහ මේ නයා

Tuesday, 14 July 2015 10:49

එක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව ගමන් මිනිස්සුන්ට එන්නෙ මාරාන්තික බයක්. නයෙක් දැක්කොත් එහෙම පණ එපා කියලා දුවනවා. නැත්නම් නයා ට ‍වැඳලා කණ්නලව් කරලා කියනවා අනේ නයි හාමී අපිටනම් කරදරයක් කරන්න එපා කියලා. නයා ව මරන්න තියා කිට්ටුවෙන්නවත් මිනිස්සු බයයි. මොකද කියමනකුත් තියනවෙන් නයාට ගහල පොල්ල වරද්ද ගත්තා වගේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරනා නිසා අපි මේ කියන්න යන කතාවේ ඉන්න නාගයා හිතනවා, මෙච්චර කාලයක් මිනිස්සු නයා ගැන හිතාගෙන ඉන්න මෙන්න මේ ආකල්පෙ වෙනස් කරන්න ඕන. ඉතාම සාධාරණ වෙනස්ම වෙනස් නයෙක් වෙන්න ඕන කියලා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us