ප‍්‍රංශය සසළ කල ප‍්‍රංශ හොරා පොලිස්

Published in විදෙස්
Monday, 11 August 2014 12:30
මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවෙති. ප‍්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවන යුරෝපයේ රටවල් අතර රටකි. දහස් ගනනක් ගුවන් ගමන්, මුහුදු ගමන්, දුම්රිය ගමන් හා දේශ සීමා හරහා වාහන ගමනා ගමනය සිදුවන රටකි ප‍්‍රංශය. 
 එම නිසාම ඉතාමත් සූක්ෂම දැඩි ආරක්ෂක දැළකට මුළු ප‍්‍රංශයම හසුකර ඇත්තේය. රහස් පරීක්ෂකයෝ හා රාජ්‍ය ආරක්ෂකයෝ මුළු පැය 24 පුරාවට උකුසු ඇස් යොමා සිටිති. එනමුදු එම දැල් වලින් රිංගා පැන යන හොරුන්ද නැතුවාම නොවේ. එවැනි හොරෙක් පසුගියදා ප‍්‍රංශයේදි අත් අඬංගුවට පත් වුයේය. 
 
ඔහු එසේ මෙසේ හොරෙකු නොව ප‍්‍රංශ පොලීසියේම හොරෙකු වීම ප‍්‍රංශ ආරක්ෂක පරිපාළනය සසල කිරීමට හේතු වුයේය. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ කළාප අංක 01හී  ඕන් ෆෙව්ර් යනුවෙන් හදුන්වන ප‍්‍රධාන මාවත පැරීසියේ අධි ආරක්ෂිත කළාපයට අයත් සුවිශේෂි පාරකි. ප‍්‍රංශ ජනාධිපති මන්දිරය, අගමැති නිල කාර්යාලය, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකානු තානාපති කාර්යාල, ප‍්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටා ඇත්තේ ඉහත මාවතට ඉතාමත්ම නුදුරින්ය. 
 
 
ප‍්‍රංශ පොලිසියට අයත් විවිධ සුවිශේෂි අංශයන්හී ප‍්‍රධාන කාර්යාල පිහිටා ඇත්තේද මෙම මාවතේය. ඒ අතරින් ප‍්‍රංශයේ මත් ද්‍රව්‍ය නාෂක අංශයේ විශේෂ අංශය පිහිටා ඇත්තේ මෙහි අංක 36 ගොඩනැගිල්ලේ තුන්වන මහලේය.එහි තෙවන මහලේ විශේෂ පිවිසුම් ගනනාවක් පසුකර විශේෂ කාමර දෙකකින් ඇතුල්වූ පසු සේප්පු ආකෘතිය හැඩ ඇති එම යාන්ත‍්‍රික ක‍්‍රියාකාරිත්වය ඇති අති විශේෂ කාමරයක් ඇත්තේය. එහි දොරගුලූ විවෘත කිරීමට විශේෂ යතුරක් ඇත්තේය. එම යතුර යාබද කාමරයක බිත්තියේ සවිකල පෙට්ටියේ සුරක්ෂිතව තැන්පත් කර ඇත්තේය. මෙම පෙට්ටිය විවෘත කිරීමට රහස් අංකයක් ඇත්තේය. මෙහි පරිපාලන නීතියට අනුව එම රහස් අංකය දන්නා එම අංශයේ ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිති. 
 
එයින් කෙනෙක් මෙම පෙට්ටිය විවෘත කිරීමට අවශ්‍යය වන්නේය. ඒ සමගම විවෘත හා සංවෘත කිරීමේදි ලඝු පොතක සටහන් තැබීම අනිවාර්යය. එයින් පසු නැවත ලඝු පොතක ඇතුල්වීම හා පිටවීමේ අත්සනින් පසු ඉහත කාමරයේ සේප්පු දොර විවෘත කල හැක්කේය. එවැනි පරිසරයක පිහිටි එම කාමරයේ තැන්පත් කර තිබූ කිලෝ 52.6ක් වූ කොකේන් මත් ද්‍රව්‍ය ප‍්‍රමානයක් පසුගිය ජූලි 27 වෙනිදා අතුරුදහන් වුයේය. 
 
අප‍්‍රිකාවේ සෙනගාලය පසුකර ප‍්‍රංශය හරහා ගමන් කල කිලෝ 52.6ක කොකේන් මත් ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ජූලි මස 05 වෙනිදා අත් අඬංගුවට ගෙන සුරක්ෂිතව තබා ඇත්තේ; ඉහත සදහන් ප‍්‍රංශ පොලිස් මත් ද්‍රව්‍ය නාෂක අංශයට අයත් සුවිශේෂි කාමරයේය. එම මත් ද්‍රව්‍ය අවසාන සුපරික්ෂාවට හසුකර ඇත්තේ ජුලි 23 වෙනිදාාය. එනමුදු ජූලි 27 වෙනිදා එම මත් ද්‍රව්‍ය පාර්සල් අතුරුදහන්වී ඇති බව පොලිසිය සොයා ගත්තේය. 
 
මෙම සිද්ධිය පොලිසියේ අභ්‍යයන්තර පරිපාලනයට පමනක් සීමා වුවද; ප‍්‍රංශයේ පළවන ප‍්‍රබල පුවත් පතක් වන ලිබරේෂන් පුවත් පත මෙම සොරකම මාධ්‍ය හරහා ප‍්‍රංශ ජනතාව දැනුවත් කළේය. ඒ හේතු කොට ප‍්‍රංශයේ අභ්‍යයන්තර ආරක්ෂක අංශය හා ප‍්‍රංශ පොලීසිය සසළ වුයේය. අභ්‍යයන්තර ආරක්ෂක ඇමැති තුමාට මාධ්‍ය ඉදිරියේ ඒ සම්බන්ධව කරුනු පැහැදිලි කිරීමට  පවා සිදු වුයේය.
 
මේ අතරතුර ආරම්භ කල පරීක්ෂන හරහා පැරීසියේ සිට දකුනු දිග ප‍්‍රංශයේ කිලෝ මීටර් 850ක් දුරින් ස්පාඤ්ඤ දේශ සීමාවට මායිම්ව පිහිටා ඇති පෙපිනියොන්ග් නගරයේදි නිවාඩුව ගත කිරීමට ගොස් සිටි ඉහත පොලිස් අංශයේ සේවයේ නියුතු වයස අවු: 34ක් වූ නිවාස හතකට හිමිකරුවෙක්වූ පොලිස් නිලධාරියෙක් අත් අඬංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටින්නේය. 
 
ඔහු අත් අඬංගුවට පත් අවස්ථාවේ යුරෝ විසිදාාහක නෝට්ටු සොයා ගැනීමට හැකිවූ අතර අන්තර් ජාලයේ සූදු කෙලීමෙන් එම මුදල් උපයා ගත් බව ඔහු පවසා ඇත. ඔහුගේ ජංගම දුරකථන තොරතුරු මත වෙනත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද අත් අඬංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටින්නේය.කෙසේ නමුදු මේ වන තුරු එම මත් ද්‍රව්‍ය ප‍්‍රමානයට සිදුවූ දෙයක් සොයා ගැනීමට ප‍්‍රංශ පොලීසිය අසමත්වී ඇත්තේය. 
 
ප‍්‍රංශයේ බොහෝ විට විවිධ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගෙන ඇත්තේය. ඊට සමාන්තරව එහි මුල් හා අතර මැදි ප‍්‍රබලයෝද නීතිය ඉදිරියට පැමින වීමට ප‍්‍රංශ පොලීසියට හැකිවී ඇත්තේය. එනමුදු කිසිදු ප‍්‍රංශ දේශපාලකයෙක් එම ජවාරම් වලට සම්බන්ධ බවක් මේ වන විටත් සොයා ගෙන නැත්තේය. එනමුදු ඉන්දීය සාගරයේ මුතු ඇටය ඒ සදහා ලෝක ප‍්‍රසිද්ධය. 
 
 
සුනිල් ආනන්ද පැරීසියේ සිට
unnamed 17
unnamed 18
unnamed 19
unnamed 20

 

Last modified on Monday, 11 August 2014 12:37

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us