ආසියාව ඇමරිකාව යා කරන අධි වේගී අන්තර්ජාල කේබල් ව්‍යාපෘතියක්

Published in විදෙස්
Thursday, 14 August 2014 10:37

පැසිපික් සාගරය හරහා ඇමරිකාව සහ ආසියාව යා කෙරෙන අන්තර්ජාල කේබල් පද්ධතියක් ගොඩනැගීමට ගූගල් සමාගම ආසියානු සමාගම් 5ක් සමග එක්ව වී ඇත.

ෆාස්ටර් ලෙස හැඳින්වෙන මෙම සබ්මැරීන කේබල් පද්ධතිය කිලෝමීටර් 9000ක් දිගින් යුක්ත වන අතර ජපානයේ චිකුරා සහ ෂිමා වෙත දැනට සම්බන්ධ කෙරෙන අතර ඉදිරියේදී තවත් ආසියානු නගර දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

ඇමරිකාව තුළ ලොස් ඇන්ජලීස්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ, පෝට්ලන්ඞ් සහ සියැටල් වැනි බටහිර වෙරළේ ප‍්‍රධාන නගර ෆාස්ටර් පද්ධතිය විසින් ආවරණය කරනු ඇතැයි පැවසේ.

මේ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 300කි.

ඒ සඳහා චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් ග්ලෝබල්, ග්ලෝබල් ට‍්‍රාන්සිට්, කේ.ඞී.ඞී.අයි සහ සින්ග්ටෙල් යන ආසියානු සමාගම් ආයෝජනය කර තිබේ.

ගූගල් සමාගමේ යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති උර්ස් හොල්සෝල් පවසා ඇත්තේ මේ හරහා ආසියාව තුළ තම පාරිභෝගිකයන්ට වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාගත හැකිවනු ඇති බවයි.

මෙම කේබලයේ වේගය තත්පරයට ටෙරා බයිට් 60ක් වන අතර එය සාමාන්‍ය මොඩමයක වේගය මෙන් මිලියන 10 ගුණයක් වේගවත් ය.

මින් පෙර 2008දී ගූගල් සමාගම විසින් ආසියාව තුළ යුනිටි සහ ගිණිකොනදිග ආසියා-ජපාන කේබලය නම් කේබල් ව්‍යාපෘති දෙකක් ඉදිකර තිබේ.

ෆාස්ටර්හි වැඩ කටයුතු වහා ආරම්භ වනු ඇති අතර එය 2016 මැද භාගය වන විට සක‍්‍රිය කිරීමට නියමිතය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us