ඉරාක තෙල් බලය ත්‍රස්තවාදීන් අතට

Published in විදෙස්
Sunday, 29 June 2014 05:30

ඉරාකයේ ක්‍රියාත්මක සුන්නි අන්තවාදීන් එරට පිහිටි ප්‍රධාන පෙළේ තෙල් පිරිපහදු අංගණයක් වන බායිජි පිරිපහදු අංගණය සිය පාලනයට නතු කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින දහයක් පුරා පැවැති ගැටුමකින් අනතුරුව සටන්කාමීන් මෙම පිරිපහදු අංගණය සිය පාලනයට ගෙන ඇත.අදාළ පිරිපහදු අංගණය ඉරාක පිරිපහදු තෙල් සැපයුමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සපයනු ලබයි.මීට අමතරව කැරලිකාර කණ්ඩායම් සලාහුඩින් පළාතද අත්පත්කරගෙන ඇත. එමෙන්ම සිරියානු හා ජෝර්දාන දේශසීමා ආසන්න ප්‍රදේශයන්ද ඉරාක රජයේ පාලනයෙන් ගිලිහී ඇත. මේ අතර ඉරාක අගමැති නූර් අල් මලිති හා ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරී අතර විශේෂ හමුවීමක් සිදුවී ඇත. මෙහිදී ඔවුන් ඉරාකයේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර මෙහිදී ත්‍රස්ත සුන්නි අන්තවාදීන් මර්දනයට ඇමෙරිකාවේ පූර්ණ සහාය ලබාදීමට එකඟ වී ඇති බවට වාර්තා වේ. ෂියා මුස්ලිම් ප්‍රජාවට අයත් ඉරාක අගමැති නූරි අල් මලිකි, ෂියා ප්‍රජාවට විශේෂ සැලකිල්ලක් දක්වමින් සුන්නි හා කුර්ඩිෂ් ප්‍රජාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ජාත්‍යන්තර ප්‍රජාව චෝදනා කරයි.

ඉරාකයේ සිටි ඇමෙරිකානු භට පිරිස් 2011 වසරේදී ඉවත්කර ගැනීමෙන් පසුව එරට ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වූ බව ද විදේශ මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉරාක රජය කියා සිටියේ අදාළ තෙල් පිරිපහදුවේ පාලනය තවමත් ඉරාක රජය සතු බවය.

(රිවිර)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us