එමෙන්ම ගාසා තීරයේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් යථා තත්ත්වයට පත් නොකළහොත් බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබා මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ.
මේ වන විට මිලියන 1.1ක සරණාගතයන් පිරිසක් නවාතැන් ගෙන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජනාකීර්ණ කඳවුරුවල දරුවන් අතර පාචනය සහ ශ්වසන ආසාදන පැතිරී ගොස් ඇති බවත් පිළිකාව වැනි නිදන්ගත රෝගීන්ට ද කිසිදු ප්‍රතිකාරයක් නොලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන මාග්‍රට් හැරිස් පසුගිය දා ජිනීවා නුවර පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ රෝහල්වල ඖෂධ, එන්නත්, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂාව බරපතළ ගැටලුවක් වී ඇති බවය.
මේ අතර ගාසා තීරයෙන් මුදා හැරීමෙන් පසු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තායි පුරවැසියන් හතර දෙනෙකු නැවතත් තම භූමියට පැමිණ ඇති බව ඊශ්‍රායලය පවසා ඇති අතර තවත් පලස්තීන සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කළ බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසා තිබේ.
ඊයේ (29) දිනය වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ආරම්භ කළ සටන් විරාමයේ හයවන දිනයවූ අතර එය කල් ඉකුත්වීමට පෙර මෙය දීර්ඝ කිරීමේ උත්සාහයක සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කලේය.
ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 6,000 ක් පමණ ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.
ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි පිරිස බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිසට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
