ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ''මෙරාපි'' පුපුරා යයි

Published in විදෙස්
Monday, 04 December 2023 08:51

බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් ඇත.

එහි උණුසුම් අළු සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් කිලෝමීටර තුනක් උසට අහසට විහිදී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි කන්ද ආසන්නයේ පිහිටි බුකිටින්ගි නගරයේ ලක්‍ෂයකට අධික ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ජීවිත හානි හෝ යටිතල පහසුකම් වලට හානි සිදු වූ බවට ක්ෂණික වාර්තා නොමැත.

මෙරාපි ගිකි කන්ද, මීටර් 2,891 (අඩි 9,485) උසකින් යුක්ත වන අතර එය පිහිටා ඇත්තේ සුමාත්‍රා දූපතේ වන අතර, එහි ආවාටයේ සිට කිලෝමීටර් තුනක අරය තුළ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට කඳු නැගීම බලධාරීන් විසින් දිගු කලක් තිස්සේ තහනම් කර තිබුණි.

මේ වන විටත් එහි පිපිරීම් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

-P.M

Last modified on Monday, 04 December 2023 09:01

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us