බත් හැලියේ අභියෝගය - ඉන්දියාවෙන්

Published in විදෙස්
Wednesday, 27 August 2014 11:45

ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියා මාධ්‍යවේදිනියක කටයුතු කර තිබේ.


මෙය මේ දිනවල ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති ‘අයිස් බකට් චැලේන්ජ්‘ (අයිස් බාල්දි අභියෝගය) නම් ව්‍යාපෘතිය ඉන්දියාවට ගැලපෙන සේ වෙනස් කර ඇත්තකි.

‘අයිස් බකට් චැලේන්ජ්‘ හිදී සිදුවන්නේ අයිස් පිරි ජල බාල්දියකින් හොඳ හැටි නාගන්නා පුද්ගලයෙකු තම සගයින් තිදෙනෙකුට හැකිනම් ඔවුන්ද අයිස් ජලයෙන් නාගෙන පෙන්වන සේ අභියෝග කිරීමයි.

මෙය ඉතා බරපතල ගණයේ ස්නායු රෝගයකින් පෙළෙනා රෝගීන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමේ අරමුණ ඇතිව ආරම්භ කෙරුණු ප්‍රචාරක වැඩසටහනක් වන අතර කිසිවෙකුත් නොසිතූ පරදි එය කෙටි කලකින්ම ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත් විය.

දැනටමත් ලොව ප්‍රකට නලූ නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ආදී පුද්ගලයෝ රාශියක් මෙසේ අයිස් වතුරෙන් නාගෙන ඇත.අරමුදලට මේ වන විට ඩොලර් ලක්ෂ 200 කට වඩා ආධාරද ලැබී තිබේ.

මේ අනුව යමින් ඉන්දියා මාධ්‍යවේදිනියක වන මන්ජු ලතා ඉන්දියා ජනතාව වෙනුවෙන් යැයි කියා ‘රයිස් බකට් චැලේන්ජ්‘ හදුන්වාදීමට කටයුතු කර තිබේ.

මෙහිදී සිදුවන්නේ අයිස් වතුර නෑවාක් මෙන් සහල් පිරි බාල්දියකින් නා ගැනීම නොව සහල් පිරි බාල්දියක් කවර හෝ දිළිදු පවුලකට ප්‍රදානය කිරීමයි.අනතුරුව එය ප්‍රදානය කරන්නා තවත් පුද්ගලයින් තිදෙනෙකුට හැකි නම් එසේ සහල් බාල්දිය බැගින් ප්‍රදානය කර පෙන්වන්නැයි අභියෝග කරයි.

අභියෝගය ආරම්භ කළ මන්ජු ලතා මේ වන විටත් සහල් බාල්දියක් ප්‍රදානය කර අවසන්ය ඇය අභියෝග කළ පුද්ගලයින් තිදෙනාද එය භාරගෙන ඇතැයිද නුදුරේදීම ඔවුන් සහල් බාල්දි ප්‍රදානය කරනු ඇතැයිද ඇය පවසා තිබේ.

ඇය මේ වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද ආරම්භ කර තිඛෙන අතර දැනටම එහි සාමාජිකයෝ 2000 ක් පමණ සිටින බවයි වාර්තා වේ.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us