සිරගත කර සිටින ඉම්රාන් ඛාන් තමා ජන්දයෙන් දිනා ඇති බව ලොවට කියයි

Published in විදෙස්
Saturday, 10 February 2024 10:32

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවට ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, එය සමරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි.

ඉම්රාන් ඛාන් සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් මේ වන විට ආසන වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර, බහුතර ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් තවත් හිටපු අගමැතිවරයෙකු වන නවාස් ෂරීෆ් පවසන්නේ, තම පක්ෂය විශාලතම පක්ෂය බවට පත් ව ඇති බැවින් තමන් සමඟ සන්ධානයට එක් වන ලෙසයි.

විදෙස් වාර්තා පවසන්නේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත් වී නොමැති බව නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලින් නිරීක්ෂණය වන බවයි.

AI භාවිතයෙන් නිර්මාණය කරන ලද X හි පළ කරන ලද වීඩියෝ පණිවිඩයක් මඟින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පීටීඅයි පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බවයි.

තමාට තනි ව රජයක් පිහිටුවීමට ආසන සංඛ්‍යාවක් නොමැති බව නවාෂ් ෂරීෆ් මහතා පිළි‍ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ලාහෝර් නගරයේ පිහිටි තම පක්ෂ මූලස්ථානයෙන් පිටත ආධාරකරුවන් අමතමින් ඔහු ඉල්ලා ඇත්තේ, තමා සමඟ සභාග රජයක් පිහිටූවීමට එක් වන ලෙසයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us