ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියානු ජනාධිපතිනි තනතුර අත්හරී

Published in විදෙස්
Monday, 12 February 2024 09:00

ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එම වරදකරුට සමාව ලබා දීම හේතුවෙන් හංගේරියාව තුළ ළමා අපයෝජකයන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව තුල සැකයක් මතුව ඇති බවත් ජනාධිපති සමාව ලබා දීමේදී තාර්කිකව නොසිතීම තමන් කළ අත්වැරැද්දක් බවත් ඒ හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් නොවැක් මහත්මිය පැවැසුවාය.

පසුගිය සිකුරාදා නොවැක් මහත්මියට සිය ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් බුඩාපේස්ට් නුවරට එකතු විය.

පසුගිය අප්‍රේල් මාසයේදී නොවැක් මහත්මිය වරදකරුවන් 24 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන්නාය. ඒ අතර වසර 12 ක කාලයක් තුළදී වරින්වර බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කළ ළමා නිවාසයක හිටපු අධ්‍යක්ෂවරයකුට ඔහුගේ අපරාධ සැඟවීමට උදව් කළ එම ළමා නිවාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුද වූවේය.

2004 සිට 2016 වසර දක්වා කාලය තුළ බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂවරයාට වසර අටක සිර දඬුවමක් නියම වී තිබූ අතර අපරාධ සැඟවීමට උදව් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වසර තුනක සිර දඬුවමක් නියම වී තිබිණ.

-P.M

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us