ට්‍රම්ප් ගෙන් ජෝ බයිඩ්න්ට අභියෝගයක්

Published in විදෙස්
Thursday, 07 March 2024 11:04

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් සමඟ ඕනෑම වේලාවක ඕනෑම තැනක රූපවාහිනි සංවාදයකට සූදානම් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතා අවදානය ලබා ගැනිමේ පිපාසයකින් මෙවැනි ඉල්ලීම් සිදුකරන බව ජෝ බයිඩ්න්ගේ පාක්ෂිකයන් පවසනවා.

කෙසේ වෙතත් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට පෙර කිසිදු විවාදයක් සඳහා ජෝ බයිඩ්න් මෙතෙක් එකඟ වී නැහැ.

රටේ යහපත සඳහා ජෝ බයිඩ්න් සහ තමන් ඇමෙරිකාව හා ඇමෙරිකා ජනතාවට ඉතා වැදගත් වන ගැටලු විවාද කිරීම වැදගත් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි සඳහන් කර තිබෙනවා.

පසුගිය වසර 30 පුරා ජනාධිපතිවරණ විවාද අධීක්ෂණය කළ ඩිමොක්‍රටික් ජාතික කමිටුවට හෝ ජනාධිපති විවාද පිළිබඳ කොමිෂන් සභාවට එවැනි විවාද මෙහෙයවිය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.

77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පසන්නේ 81ක් හැවිරිදි ජෝ බයිඩ්න් වයස වැඩි බවත් විවාද කිරීමට ඔහුට අමතක වී ඇති බවත්ය.

ජෝ බයිඩ්න් කියා සිටින්නේ වයෝවෘද්ද පුද්ගලයා තමන් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us