චීනය, නවීකරණට සහ ජාතික පුනර්ජීවනයට පියවර ගනී  

Published in විදෙස්
Monday, 11 March 2024 18:01

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි වාර්ෂික සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. සමාප්ති උළෙල අද (11) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. එය ආරම්භ වූයේ ඉකුත් 5 වැනිදා යි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙවර සැසිවාරයට එක්වූ අතර චීන අග්‍රාමාත්‍යවරයා සමුළුව ආරම්භයේ දී ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව දෙස් විදෙස් ඉහළ අවධානයට ලක්විය.

කලාපීය අනන්‍යතාවට ගැලපෙන පරිදි නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව මෙවර සැසිවාරයේ දී අවධාරණය කෙරිණ. සැසිවාරයට සහභාගි වූ පළාත් නියෝජිත හමුවලට එක් වූ චීන ජනාධිපතිවරයා රට පුරා පවතින විවිධ මට්ටම්වල පරිපාලනයන් රටේ සැබෑ තත්ත්වයන්ට සරිලන අයුරින්, නවීන ක්‍රමවේද ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතු බව ද පෙන්වා දී ඇත.

චීන අනන්‍යතාව සහිත නවීකරණ ක්‍රියාවලිය හා ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේ දී නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙවර ප්‍රමුඛ අවධානය දිනාගත් කරුණකි.

විවිධ බාහිර හා අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ වුව ද සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන රජයේ ඇති අධිෂ්ඨානය මෙම නවීකරණ අදහස් තුළින් තවදුරටත් පිළිබිඹු වන බව විචාරකයන් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us