ෆේස්බුක් හිමිකරුට ට්‍රම්ප්ගෙන් දොස්

Published in විදෙස්
Tuesday, 12 March 2024 11:32

ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවය.

ටික්ටොක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම පිළිබඳ තමා එකඟ වන නමුත් ෆේස්බුක් අමෙරිකානු රජයට ද තර්ජනයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

2020 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී ටික්ටොක් තහනම් කිරීමට උත්සහ කර තිබිණි.

ටික්ටොක් මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගම සම්බන්ධ නීතිය සම්මත වුවහොත් ඊට අත්සන් කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us