පිරිමි පුද්ගලයින්ට විදෙස් ගතවීම තහනම් කරමින් මියන්මාරය ගත් අමුතු තීරණය

Published in විදෙස්
Friday, 03 May 2024 17:10

හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින් ට රැකියා සඳහා විදෙස් ගතවීම තහනම් කිරීමට මියන්මාර හමුදා රජය තීරණය කර ඇති
බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට සති කිහිපයකට ඉහතදී හමුදා සේවය අනිවාර්ය කරමින් එරට හමුදා බලධාරීන් විසින් නියෝගයක් නිකුත් කළේය.

ඒ සමගම බොහෝ පිරිසක් එරටින් පැනයාමට උත්සාහ කළ අතර සමහරුන් මේ වනවිටත් අසල්වැසි රටවලට පැනගොස් තිබේ.

මේ හේතුවෙන් පිරිමි පුද්ගලයින් සඳහා විදෙස් රැකියා බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව සඳහන් ය.

මියන්මාර ජාතිකයින් විශාල පිරිසක් ආසියානු රටවල් රැසක රැකියා කරන අතර ශ්‍රමිකයින් ලෙස එරට වැසියන්ට විදෙස්ගත වීමට බාධාවක් නොතිබුණි.

නමුත් රට තුළ සිවිල් යුද්ධයක් පවතින බැවින් මෙම සීමා පැනවීමට හමුදා පාලකයින් තීරණය කර ඇති බව සඳහන් ය.

මාස කිහිපයක් කැරළිකරුවන් හමුවේ ලැබූ පරාජයන් හේතුවෙන් "හමුදා සේවය" අනිවාර්ය කිරීමට මියන්මාර හමුදා පාලකයෝ කටයුතු කළහ.

එතැන් සිට මේ දක්වා 100,000ක පමණ පිරිසක් විදෙස් ගත වීම සඳහා අයදුම් කර තිබූ අතර නමුත් එම අවස්ථා අත්හිටුවීමට පාලකයින් ක්‍රියා කර ඇත.

විශේෂයෙන් වයස අවුරුදු 18ත් 35ත් අතර පිරිමි පුද්ගලයින් සඳහා මෙම තහනම බලපවත්වයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us