ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කළ Al Jazeera නාලිකාවේ විකාශය ඊශ්‍රායලය තුළ තහනම් කරයි

Published in විදෙස්
Monday, 06 May 2024 12:00

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව 'අල් ජසීරා' නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලීසිය විසින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන උපකරණ රාජසන්තක කිරීම, කේබල් සහ චන්ද්‍රිකා සමාගම්වලින් නාලිකාව කපා හැරීම සහ එහි වෙබ් අඩවි අවහිර කිරීම ඇතුළත් බව සඳහන් වේ.

මෙම නාලිකාව විසින් පැය 24 පුරා මුළු යුද්ධයම ආවරණය වන පරිදි වාර්තා කර ඇති අතර ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කර ඇති බව ද සඳහන් වේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, මෙම වාර්තාකරණය හරහා එරට ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවය.

කෙසේ වෙතත් 'අල් ජසීරා' නාලිකාව පවසා ඇත්තේ මෙම පියවර “සාපරාධී ක්‍රියාවක්” බවත් සිය මාධ්‍ය මෙහෙයුම් ඊශ්‍රායල ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති බවට කරන චෝදනාව සිය මාධ්‍යවේදීන් අවදානමට ලක් කරන “භයානක හා හාස්‍යජනක බොරුවක්” වන බවය.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us