බුරුමයේත් බෞද්ධ මුස්ලිම් ගැටුම්

Published in විදෙස්
Wednesday, 02 July 2014 20:28

බුරුමයේ දෙවන විශාල නගරය වන ‘මණ්ඩලේ’ නගරයෙහි මුස්ලිම් පල්ලියකට සහ වෙළෙඳ සැල්වලට අලාභ හානි සිදු කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

මුස්ලිම් කණ්ඩායමකට පහර දීමට පැමිණි පන්සීයකට අධික බෞද්ධයන් පාලනය කර ගැනීම සඳහා මැදිහත් වීමට පොලිසියට සිදු විය.

එම බෞද්ධ කණ්ඩායම යකඩ පොලු සහ උණ බම්බුවලින් සන්නද්ධව ප්‍රහාරයට පැමිණ ඇත.

එක් මුස්ලිම් වැසියකුට වෙඩි තබා ඇති අතර බෞද්ධයන් තුන් දෙනකුට තුවාල සිදුව ඇති බවත් බුරුමයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

පසුගිය අවුරුදු තුන ඇතුළත බුරුමවාසී බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා කණ්ඩායම් අතර සිදු වෙන මෙවැනි ආගම්වාදී ගැටුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම වාර්තා විය.

එම ගැටුම් වැඩි වශයෙන් සිදු වන්නේ බටහිර බුරුමයේ ‘රකින්’ ප්‍රාන්තයේ බව වාර්තා මගින් පැවසේ.

2012 වසරේ බුරුමයේ ‘රකින්’ ප්‍රාන්තයේ සිදු වූ බෞද්ධ මුස්ලිම් ගැටුම්වලින් අඩු තරමින් ජීවිත දෙසීයක්වත් විනාශ විය.

(බිබිසි)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us