ඔබාමා ISIS සටන්කාමීන්ට අනතුරු අඟවයි!

Published in විදෙස්
Friday, 12 September 2014 12:09
Obamaඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය 09 වනදා උදෑසන ජොර්දානයේ රජු අබ්දුල්ලා ඉන් අම්මාන් හමු වූ බව මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරයි. අයි.එස්.අයි.එස්. සටන්කාමීන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉරාකයට ද ගොස් ඇත.
 
එහිදී සිරියාව හා ඉරාකයේ අසල්වැසි රාජ්‍යය ලෙස ජෝර්දානයට මෙම අයි.එස්.අයි.එස්. සටන්වලට එදිරිව තුන් වෙනි පාර්ශවයක් මෙන් සම්බන්ධ වන්නට කෙරී  අබ්දුල්ලා රජු සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
 
කෙරී මහතා පසුගිය (10) වනදා ඉරාකයේ අගමැති අල් අබාඩි (al-Abadi) හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
එලෙසම, පසුගිය (09) ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ජාතිය අමතමින් අයි.එස්. සටන්කාමීන්ට එරෙහි ව යුධ ප‍්‍රකාශ කරන බවට අනතුරු අඟවන ලදී.
 
ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති අයුරින් වෙන ම ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා අයි.එස්. සටන්කාමීන් මේ වනවිට ඉරාකය සහ සිරියාවේ යුද වදිමින් සිටින අතර ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාවට එරෙහි වුවහොත් අයි.එස්. සටන්කාමීන් හා යුධ වැදීමට තම ජාතිය සූදානම් බවයි.
 
නමුත් සිරියාවට ඇමරිකානු ගුවන් ගමන් වාර අත්හිටුවන්නේදැයි යන්න තවමත් ඇමරිකානු ජනපති නිශ්චිතව පවසා නැති බවද ධවල මන්දිරය වාර්තා කරයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us