ඩොලරයේ පරිහානිය වේගවත්වේ.

Published in විදෙස්
Saturday, 13 September 2014 11:09

dollerඇමරිකානු ආර්ථික විද්‍යාඥ මාක් තෝන්ටන් පවසන්නේ වොෂින්ටනය සහ මොස්කව් අතර වර්ධනයවී ඇති දේශපාලත විරසක බව හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ පරිහානිය වේගවත් වී ඇති බවයි.

ඔහු පවසා ඇත්තේ මෙම දේශපාලන විරසකය සමග රටවල් අතර ගණුදෙනුවේදී ඇමරිකානු ඩොලරය මග හැර තම ජාතික මුදල් ඒකක වලින් සෘජුව ගණුදෙනු කිරීමේ පෙළඹුමක් හටගෙන ඇති බවයි.

මෙමගින් පීඩනය යළි ඇමරිකාව වෙත යොමුවන බව තෝන්ටන්ගේ අදහසයි.  ජාත්‍යන්තර ගණුදෙනුවලදී මෙන්ම මහ බැංකුවල සංචිත පවත්වා ගැනීමේදීද ඇමරිකානු ඩොලරය භාවිතා කිරීම ඇමරිකාවේ අවශ්‍යතාවය බව ඔහු පවසා ඇත.

රුසියාව, ඇමරිකාව සහ යුරෝපය අතර ඇති දේශපාලන ගැටුම්කාරී බව නිසා ජාත්‍යන්තර ගණුදෙනුවලදී ඩොලරයේ තත්වය මෙන්ම මහ බැංකු සංචිත මුදල් ඒකකයක් ලෙසද එය පිරිහෙමින් ඇතැයි මාක් තෝන්ටන් සඳහන් කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු ඩොලර් හරහා වෙනුවට රූබල් සහ යුආන් හරහා ගණුදෙනු කිරීම වර්ධනය කිරීම වෙනුවෙන් රුසියාව හා චීනය අතර අත්සන් කළ ගිවිසුම පිළිබඳ අදහස් දක්වමිනි.

ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් පණවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට ප‍්‍රතිචාරයක් වශයෙන් රුසියාව මෙම පියවර ගෙන තිබේ.

එහිදී රුසියානු නියෝජ්‍ය අගමැති ඉගෝර් ෂුවාලෙව් පවසා ඇත්තේ තෙවන පාර්ශ්වයක මුදල් ඒකකයක් භාවිතයෙන් තොරව ගණුදෙනු කිරීමට දෙරටේ සමාගම් වෙත දිරි දෙන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us