ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අල් ෂාරා ගෙන් ප්‍රකාශයක්

Published in විදෙස්
Friday, 20 December 2024 10:52

සිරියාවෙන් ජාත්‍යන්තරයට තර්ජනයක් නැති බව බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ දමා සිරියාවේ පාලනය අත්පත් කරගත් එරට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිවිල් යුද ගැටුම් මේ වන විට අවසන් වී ඇති බවත්, අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට සිරියාවෙන් කිසිදු තර්ජනයක් නැති බවත් සන්නද්ධ කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දමස්කස් නුවරදී බීබීසී පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර, සිරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බටහිර රටවලින් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

බටහිර රටවල් විසින් සම්බාධක පනවනු ලැබුවේ පැවැති රජයට බැවින් එම සම්බාධක ඉවත් කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කර ඇති අතර, පීඩකයාට සහ වින්දිතයාට එක හා සමානව නොසැලකිය යුතු බව ද සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us