පිරිමින් 50කට බිරිය දූෂණය කිරීමට දුන් පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයෙන් වසර 20ක සිරදඬුවමක්

Published in විදෙස්
Friday, 20 December 2024 10:57

දශකයකට වැඩි කාලයක් පුරා පිටස්තර පිරිමින් 50 දෙනකුට සිය බිරිය දූෂණය කිරීමට ඉඩ සලසා එය වීඩියෝ ගත කර නිල් චිත්‍රපට වෙබ් අඩවියකට අලෙවි කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයකින් වසර 20ක උපරිම සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙය ප්‍රංශයෙන් වාර්තා වූ විශාලතම සමූහ ස්ත්‍රී දූෂණ නඩුව වන අතර, ප්‍රධාන වරදකරු වූ ඩොමිනික් පෙලිකෝට් වසර 20කට සහ සෙසු විත්තිකරුවන්ට සුළු සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම චෝදනාවට වරදකරුවන් වී සිටි තවත් විත්තිකරුවන් පිරිසක් සිරදඬුවම් කාලසීමා අවසන් කිරීමෙන් පසු නිදහස් වී ඇතැයි ද වාර්තා වේ.

දූෂණයට ලක්වී ඇත්තේ ගිසෙල් පෙලිකෝට් නමැති කාන්තාවක් වන අතර, සැමියා විසින් ඇයට මත් ද්‍රව්‍ය ලබා දී ඇය දූෂණය කිරීමට පිටස්තර පිරිමින් ගෙන්වා ගත් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

නඩු තීන්දුවෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ගිසෙල් පෙලිකෝට් නඩු විභාගයේදී සහාය දැක්වූ සියලු පාර්ශ්වලට ස්තූතිය පළ කර ඇති අතර, සැමියාට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව පිළිබඳ කිසිදු කනගාටුවක් නැති බවත් ප්‍රකාශ කර තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us