ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට වහා පිට වන්නැයි ඔස්ට්‍රේලියානු රජය දැනුම් දෙයි Featured

Published in විදෙස්
Wednesday, 27 August 2025 11:00

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවය.

මේ හේතුවෙන් දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ, මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපිරීමට ගත් උත්සාහයක් බවය.

ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම චෝදනා ඉරානය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us