ඔස්ට්‍රේලියාවට පලා එන සරණාගතයින් කාම්බෝජයට

Published in විදෙස්
Thursday, 25 September 2014 11:57
රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පලා එන සරණාගතයින් මින් ඉදිරියට කාම්බෝජයේ නැවත පදිංචි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හා කාම්බෝජ රජයේ නියෝජිතයින් අතර නව ගිවිසුමට අද (25) අත්සන් තැබීමට කටයුතු යොදා ඇත. 
 
කෙසේ වෙතත් සරණාගතයින් කාම්බෝජයට යවනු ලබන්නේ එම සරණාගතයින්ගේ කැමත්ත අකමැත්ත විමසා බැලීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
 
සරණාගත රැකවල් අපේක්ෂාවෙන් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් ඇතුළුවීම පසුගිය වසර කිහිපයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ අතර එලෙස අත්අඩංගුවට පත්වන සරණාගතයින් එරට ක්‍රිස්මස් දූපතේ රැඳවීමට පියවර ගත්තේය. 

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us