ජාතික ආරක්ෂක ප්‍රධානියා ඝාතනය වී ඇති බව ඉරානය තහවුරු කරයි

Published in විදෙස්
Wednesday, 18 March 2026 08:35

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බවටය.

ඔහු ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින්, මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව වාර්තා වෙයි

අලි ලාරිජානි ඉරානයේ උපරිම ජාතික ආරක්ෂක මණ්ඩලයේ (SNSC) ලේකම්වරයා ලෙස 2025 අගෝස්තු මාසයේදී පත් කරන ලදි.

මේ අතර, ඔහු ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us