ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

Published in විදෙස්
Wednesday, 18 March 2026 19:33

ඊශ්‍රායලය විසින් ඊයේ (17) රාත්‍රියේ ඉරානයට එල්ලකළ ප්‍රහාරවලදී ඔවුන්ගේ බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ද ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් ඉරානය මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට එරට බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මියයන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8වන පුද්ගලයා විය.

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායලය කාතිබ්ගේ ඝාතනයද මෙලෙස අනාවරණය කර තිබේ.

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හෝ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් (10 දෙනෙකු) ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර තිබුණි.

එම ලැසිස්තුවට එස්මායිල් කාතිබ්ගේ නමද ඇතුළත්ව තිබුණි.

ඒ අනුව අදාළ ලැයිස්තුවට ඇතුළත්ව සිටි දෙදෙනෙකු මේ වනවිට ඊශ්‍රායලය විසින් ඝාතනය කර තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us