හෝමුස් සන්ධියේ පාලනය ඉරානය සමඟ බෙදා ගැනීමට සූදානම් ! ඉරාන නියෝජිතයන් ඉතා සාධාරණ පිරිසක් - ට්‍රම්ප්

Published in විදෙස්
Tuesday, 24 March 2026 08:07

ගෝලීය තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් බඳු වූ හෝමුස් සමුද්‍ර සන්ධිය නුදුරේදීම යළි විවෘත කරන බවත්, එහි ආරක්ෂාව සහ පාලනය අමෙරිකාව සහ ඉරානය එක්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

CNN නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ඉරානයේ වත්මන් හෝ අනාගත ආගමික නායකත්වය සමඟ එක්ව මෙම මුහුදු මාර්ගය මෙහෙයවීමට තමන් සූදානම් බවය.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පසු එරට පාලන තන්ත්‍රයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බවත්, දැනට සාකච්ඡා මේසයට පැමිණ සිටින ඉරාන නියෝජිතයන් ඉතා "සාධාරණ" පිරිසක් බවත් ජනපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉරානයේ පාලන තන්ත්‍රයේ "ඉතා බරපතළ වෙනසක්" සිදුවනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ගැටුමේ මුල් අවධියේදී එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් වැඩි පිරිසක් ඉවත් කර ඇති බව පවසා තිබේ.

"පාලන තන්ත්‍රයේ වෙනසක් ස්වයංක්‍රීයවම සිදුවෙනවා," යැයි පැවසූ ජනාධිපතිවරයා, පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡාවලින් ගැටුම සමනය කර ගැනීමට යහපත් බලාපොරොත්තු ඇති වූ බවටද ඉඟි පළ කළ බව සඳහන් වේ.

"නමුත් අපි දැන් ගනුදෙනු කරන්නේ ඉතාමත් සාධාරණ, ස්ථාවර පුද්ගලයන් පිරිසක් එක්ක," "අභ්‍යන්තරයේ සිටින පිරිස කවුදැයි දන්නවා. ඔවුන් ඉතා ගෞරවනීය අය. සමහර විට ඔවුන්ගෙන් කෙනෙක් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ නායකයෙක් වේවි."

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us