ඒ ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමට මත්තෙන්,
ලැරිජානිගේ අභාවය පිළිබඳ පුවත තමන් “දැඩි කනගාටුවෙන්” යුතුව පිළිගත් බවත් ඔහු ඉරාන දේශපාලන තන්ත්‍රය තුළ සිටි “බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට” චරිතයක් ලෙස උත්තරීතර නායකයා එහිදී හඳුන්වා දී තිබෙනවා.
මෙවැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බවයි ඔහු පවසන්නේ.
ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති…” යනුවෙන් ඔහු දැඩි ලෙස ප්‍රකාශ කර සිටිනවා.
