ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක්

Published in විදෙස්
Wednesday, 08 April 2026 17:25

ඉරාන යුද්ධය හේතුවෙන් මූල්‍ය පීඩනයට ලක්ව සිටින ඉන්දීය ගුවන් සේවා සමාගම් වෙත සහනයක් ලබා දෙමින්, එරට ප්‍රධාන ගුවන් තොටුපොළවල ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු 25% කින් අඩු කරන ලෙස ඉන්දියාවේ ගුවන්තොටුපොළ තීරුබදු නියාමන අධිකාරිය නියෝග කර ඇත.

මෙම ගාස්තු අඩු කිරීම එරට දේශීය ගුවන් ගමන් සඳහා ඉදිරි මාස තුනක කාලය දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සේවා සමාගම් වන IndiGo සහ Air India විසින් ගුවන් තොටුපොළ ගාස්තු සාධාරණීකරණය කරන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගෙන ඇත.

ඉන්දියානු ගුවන් යානාවලට පකිස්තානයට ඉහළින් පියාසර කිරීමට පනවා ඇති තහනම සහ පවතින ඉරාන යුද්ධය හේතුවෙන් එරට ගුවන් සේවා දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට අනුව, ඉන්ධන සහ ශ්‍රම පිරිවැයට පසුව ගුවන් සමාගමක තුන්වන විශාලතම වියදම වන්නේ ගුවන් තොටුපළ සහ ගුවන් ගමන් පාලන සේවා සඳහා වන ගාස්තුයි.

අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගුවන් සේවා ක්ෂේත්‍රයට යම් අස්වැසිල්ලක් ඇති විය.

ඉන්දියාවේ ගුවන්තොටුපොළ ආර්ථික නියාමන අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම තාවකාලික ගාස්තු අඩු කිරීම නිසා ගුවන් තොටුපොළවලට සිදුවන ආදායම් අලාභය ඉදිරි ගාස්තු සමාලෝචනවලදී පියවා ගැනීමට කටයුතු කරන බවය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us