2018 ෆීෆා නිල ලාංඡනය එළිදකී.

Published in විදෙස්
Thursday, 30 October 2014 12:21
ෆීෆා සභාපති සෙප් බ්ලැටර් විසින් 2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡනය එළිදක්වා තිබේ.මෙම ලාංඡනය මගින් රුසියාවේ හදවත හා ආත්මය පිළිඹිබු කරනු ඇතැයි පැවසේ.
රුසියානු රාජ්‍ය රූපවාහිනි නාලිකාවේ පැවති සාකච්ඡා වැඩසටහනකදී මෙය එළිදක්වා තිබේ.
 
රුසියාවේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ලාංඡනය, එරට ජාතික ධජයේ පැහැයන් වන රතු, නිල් හා මුසු වූ රන් පැහයෙන් යුක්තය.
 
මෙම අවස්ථාවට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින රුසියානු අභ්‍යවකාශගාමින් තිදෙනෙකු ද වීඩියෝවක් ඔස්සේ සම්බන්ධ වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
 
රූපවාහිනිය ඔස්සේ සිදුවූ මෙම එළිදැක්වීමට සමාන්තරව, මොස්කව් අගනුවර බොල්ෂෝං රඟහල ඉදිරිපිට පැවති ආලෝක සංදර්ශනයක කොටසක් ලෙසද මෙම ලාංඡනය ප්‍රදර්ශනය කර  ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us