බින් ලාඩන් ඝාතනය කළ සීල් සෙබළා අනන්‍යතාවය හෙළි කරයි.

Published in විදෙස්
Saturday, 08 November 2014 10:39
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට එරෙහිව යමින් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ ඇමරිකානු නාවික හමුදා සීල් සෙබළා තම අනන්‍යතාවය හෙළි කර ඇතැයි වාර්තා වේ.
ඔසාමාගේ මරණයෙන් පසු සේවයෙන් ඉවත්වූ රොබට් මේ වන විට දේශකයකු ලෙස සේවය කරමින් ඇති අතර හමුදාවෙන් කලින් විශ‍්‍රාම යාම නිසා හටගෙන ඇති විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය පිරිහීමේ ගැටළු නිසා මෙලෙස තම අනන්‍යතාවය හෙළි කිරීමට ඔහු විසින් පියවර ගත් බව පැවසේ.
 
කෙසේවෙතත් ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙය හෙළා දැක ඇතැයි වාර්තා වේ.
 
 
2011 මැයි 2වනදා සිදුකළ නෙප්චදුන් ස්පියර් මෙහෙයුමේදී ඔසාමා රැඳී සිටි පකිස්ථානයේ ඇබොටාබාද්හි නිවසට බ්ලැක්හෝක් හෙලිකොප්ටර වලින් සීල් 6වන කණ්ඩායම කඩා වැදුණු අතර එහිදී කොමාන්ඩෝ සෙබළ 38 හැවිරිදි රොබට් ඔ’නීල් විසින් බින් ලාඩන්ගේ නළලට තෙවරක් වෙඩි තබා ඇතැයි පැවසේ.
 
රොබට්ගේ පියා වන ටොම් ඔනීල් විසින් සිය පුතු පිළිබඳ අනාවරණය කර ඇති අතර මේ මස අවසානයේදී එළි දැක්වෙන ෆොක්ස් නිව්ස් නිෂ්පාදිත ඔසාමා බින් ලාඩන් මැරූ මිනිසා නම් වාර්තා වැඩසටහනකටද ඔහු එක්වී අැත.
 
ටොම් ඔ’නීල් පවසා ඇත්තේ තම පුතු පිළිබඳ අනාවරණය වැළැක්වීමට පෙන්ටගනය විසින් දැඩි උත්සහයක් ගත් බවයි.
 
නාවික විශේෂ බලකා විධානයේ ප‍්‍රධානි රියර් අද්මිරාල් බ‍්‍රයන් ලෝසි පවසා ඇත්තේ මගේ සේවයේ ස්වභාවය ප‍්‍රචාරණය නොකිරීම, මගේ ක‍්‍රියාවන් සඳහා පිළිගැනීම ඉල්ලා නොසිටීම හමුදා ආචාර ධර්මවල අඩංගු වන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us