පුටින් ඝාතන තැතක්

Published in විදෙස්
Friday, 14 November 2014 20:08
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සහයක තොරතුරු සැලවීම මත වහාම  ඕස්ටේ‍්‍රලියානු වෙරළ ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ නාවික බලය තර කරන ලෙසට රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නාවික හමුදාව වෙත නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ සමග පැසිපික් බලඇණියට අයත් නෞකාවන්, වර්යාග් නියෙමු මිසයිල ප‍්‍රහාරක නෞකාව සහ මාර්ෂල් ෂාපොෂිනිකොව් ඩිස්ට්‍රොයර් නෞකාව සහ එහි පරිවාර යාත‍්‍රාවන් වහාම  ඕස්ටේ‍්‍රලියාව අසලට ගමන් අරඹා ඇතැයි පැවසේ.
 
 මේ බව සැලවූ වහාම  ඕස්ටේ‍්‍රලියාවද සිය පැරාමට්ටා සහ ස්ටුවර්ට් නෞකාවන් අදාළ ප‍්‍රදේශය වෙත යවා ඇති නමුත් උණුසුම්කාරී තත්වයක් නැතැයි රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ නිවේදනයක දැක්වේ.
 
 නොවැම්බර් 15-16 දිනවල බි‍්‍රස්බේන්හි පැවැත්වෙන G-20  රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පුටින්  ඕස්ටේ‍්‍රලියාව බලා පියාසර කිරීමට නියමිතව ඇත.මේ අතර ඔහු ගමන් ගන්නා ගුවන් යානයට පහරදී විනාශ කිරීමට ඔබාමා පාලනය සැලසුම් කරමින් ඇති බව රුසියානු FSB ඔත්තු සේවය විසින් දැනුම් දී ඇත.
 
මෙම ගුවන් ගමනේදී ඉල්-96 වර්ගයේ රුසියානු රාජ්‍ය නායක යානය පසුගිය මාර්තු මසදි අභිරහස් ලෙස අතුරුදන් කෙරුණු මැලේසියානු ගුවන් සේවයේ MH370 යානය ගමන් ගත් මාර්ගය ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය. 
මෙම වර්යාග් නෞකාවේ ඇති M-300 මිසයිල ආරක්‍ෂණ පද්ධතිය පුටින්ගේ යානය එවැනි අනතුරකින් ගලවා  ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය වනු ඇතැයි වාර්තා වේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us