එබෝලා එන්නත සාර්ථකයි.

Published in විදෙස්
Thursday, 27 November 2014 12:46

මාරාන්තික එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබේ.

එමඟින් හෙළිවී ඇත්තේ එන්නත ආරක්ෂිත වන අතර වෛරසය මර්දනය කිරීම සඳහා ශරීරය තුළ ප‍්‍රතිශක්තියක් ජනනය කරන බවයි.

එන්නත අත්හදාබැලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයන් 20දෙනෙකු සඳහා එය එන්නත් කර ඇත්තේ ඇමරිකාවේදිය.

එහි ප‍්‍රතිඵල ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

නව එන්නත ලබාදුන් කිසිවෙකුට අතුරු ප‍්‍රතිවිපාක ඇති නොවූ බවත් ඔවුන් සියල්ලන්ම එබෝලා වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ නිපදවූ බවත් එමගින් ප‍්‍රකාශ කළේය.

වෛසරය නිපදවා ඇත්තේ චිම්පන්සීන්ගේ ප‍්‍රතිශ්‍යා වෛරසය ජාන තාක්ෂණයෙන් සකස් කිරීමෙනි. බටහිර අප‍්‍රිකාව කේන්ද්‍ර කොටගෙන මේ වනවිට පුද්ගලයන් 5600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us