බංගලාදේශ ඇමතිවරයෙකුට මරණ දඬුවම

Published in විදෙස්
Wednesday, 24 December 2014 12:43

යුද අපරාධ චෝදනා ලත් බංග්ලාදේශයේ හිටපු ඇමතිවරයෙකුට මරණ දණ්ඩනය නියම වෙයි.


බංග්ලාදේශ විශේෂ අධිකරණ විනිශ්චය සභාවක් මගින් මෙම දඬුවම ලබා දී ඇත්තේ 1971 සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී මිනිස් ඝාතන සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බවට එල්ල වූ චෝදනා පිළිබඳ විභාග කිරීමෙන් අනතුරුවයි.

හැත්තෑ තුන් හැවිරිදි, හිටපු අමාත්‍ය සයීඩ් මොහමඩ් ඛයිසාර්ට නියම වූ මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ඔහුගේ නීතිඥයන් පවසන්නේ.

මීට සිව් වසරකට පෙර බංග්ලාදේශ ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ ඉහත කී විශේෂ අධිකරණ විනිශ්චය සභාව මගින් යුද අපරාධ චෝදනා යටතේ මීට පෙර දාහතර දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

විරුද්ධ පක්ෂ කියා සිටින්නේ දේශපාලන පලි ගැනීම් සඳහා මෙම විශේෂ අධිකරණ විනිශ්චය සභාව පිහිටුවා ඇති බවයි.

1971 සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී තිස් ලක්‍ෂයක් පමණ දෙනා මිය ගිය බව වාර්තා සඳහන් කරයි.

(bbc)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us