අවි ආයුධ පාලනයට ගිවිසුමක්

Published in විදෙස්
Thursday, 25 December 2014 13:54

අවි වෙළෙඳාම පාලනයට අදාළ ජාත්‍යන්තර ගිවිසුමක් බල පැවැත්වීම දැන් ආරම්භ වී ඇත.

එය ලෝකයේ අවි පාලනය සම්බන්ධයෙන් උදා වූ නව පරිච්ඡේදයක් වන බව පවසමිනුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන් විසින් අගය කරනු ලැබුණේ.

නව ගිවිසුම බල පැවැත්වීම ආරම්භ වීමත් සමඟ අවි ආයුධ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්, ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් අතට පත්වීම වලක්වා ලීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි මහලේකම් බැන් කි මූන් පවසන්නේ.

අවි වෙළෙඳාම පාලනයට අදාළ එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් කෝටි අසූ පන්ලක්ෂයක් පමණ වන අවි ආයුධ කර්මාන්තය පාලනයක් යටතට ගැනීමයි.

එම ගිවිසුමට ලෝකයේ රටවල් 130 ක් අත්සන් තබනු ලැබ ඇත.

හෙත් එය ක්‍රියාවට නැංවීම සහතික කරනු ලැබ ඇත්තේ එම රටවලින් අඩකටත් වඩා අඩු රටවල් සංඛ්‍යාවක් විසිනි.

ඇමෙරිකා එක්සත් ජනපදයත් එය ක්‍රියාවට නංවනු ලැබීම සහතික කර නැත.

මේ අතර චීනය සහ රුසියාව ගිවිසුමට පවා අත්සන් කොට නොමැති බවයි වාර්තා වන්නේ.

ගිවිසුමට එරෙහිව ඡන්දය දී ඇති රටවල් වන්නේ ඉරානය ,සිරියාව සහ උතුරු කොරියාවයි.

(bbc)

Last modified on Thursday, 25 December 2014 13:55

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us