තෙල් මිල හේතුවෙන් බලවත් රටවල් ආර්ථික අර්බුදයක

Published in විදෙස්
Thursday, 22 January 2015 14:20

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අලුතින්ම නිකුත් කර ඇති පුරෝකථනය අනුව, ලොව බලවත්ම ආර්ථිකයක් ඇති රටවල අනාගත ආර්ථික වර්ධන වේගයේ පසුබෑමකට ලක්වනු ඇතැයි අනාවරණය කරයි.

මේ අනුව, මේ වසර සහ 2016 වසර වෙනුවෙන් කලින් දක්වා තිබූ වර්ධන වේගය 0.3%කින් අඩුවනු ඇත. 2015 දී ලෝක ආර්ථිකය 3.5%කින් සහ 2016 දී 3.7%කින් වැඩිවනු ඇතැයි වාර්තා වේ. චීනයේ ආර්ථික වර්ධන වේගයේ කැපීපෙනෙන පසුබෑම මේ තත්ත්වය කෙරේ සෑහෙන බලපෑමක් සිදුකර ඇතැයි සඳහන්.

වර්තමානයේ දී තෙල් මිල පහළ වැටීමත් මේ තත්ත්වය උද්ගතවීමට ක්ෂණික හේතුවක් වී ඇතත්, ලෝක ආර්ථික පසුබෑම දිගින් දිගටම පැවැති ප්‍රවනතාවේ ප්‍රතිඵලයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

තෙල් මිල පහත වැටීම හේතුවෙන් ඇමෙරිකන් ආර්ථික වර්ධන වේගයද ½%ක් පමණ අඩුවනු ඇතැයි අනාවැකි පළ වේ. බොර තෙල් මිල පහළ වැටීම හේතුවෙන් යුරෝපා කලාපයේ රටවල සහ ජපානයේ යළි ආර්ථික පසුබෑමක් දක්නට ලැබෙනු ඇතැයි ද සඳහන්.

ලොව තුන්වන ආර්ථික බලවතා වන ජපානයේ ආර්ථික වර්ධන වේගය 1.2%කින් අඩුවීම හේතුවෙන්, 2015 එරට වර්ධන වේගය 0.6% දක්වා පහළ වැටෙනු ඇත. 2015 චීනයේ 6.8% දක්වා පහළ වැටී ඇති ආර්ථික වර්ධන වේගය වසර 1990න් අනතුරුව වාර්තාගතවන අඩුම වර්ධන වේගයයි.

රුසියාවේ ආර්ථික වර්ධන වේගය 3% කින් අඩුවනු ඇතැයි අනාවැකි පළ වේ. අඩුවන තෙල් මිල සහ බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක රුසියන් ආර්ථිකයේ කඩාවැටීමට හේතුවී ඇත. බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ප්‍රධාන පෙළේ කාර්මික රටවලද නිෂ්පාදන කටයුතු අඩාල වීම හේතුවෙන් එම රටවලද ආර්ථිකයන් පසුබෑමකට ලක්වනු ඇත.

ප්‍රක්ෂේපිත ආර්ථික පසුබෑම ඉදිරියේ ලෝක නායකයන් සිය රටවල ආර්ථිකයන් ගොඩ නගා ගැනීමට සාධනීය පියවර ගැනීමට උත්සුක විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලගාඩ් අවධාරණය කර ඇතැයි වෝල්ස්ට්‍රීට් සඟරාව පවසයි.

(dinamina)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us