යේමන ජනාධිපති මන්දිරය කැරළිකරුවන් යටතට

Published in විදෙස්
Friday, 23 January 2015 10:43

යේමන කැරලිකරුවන් විසින් එරට ජනාධිපති මාළිගය අල්ලා ගෙන ඇත. එරට ඉහළ පෙළේ හමුදා නායකයෙක් පවසා ඇත්තේ ෂයිට් හොයුති කැරලිකරුවන් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් තුළින් මෙය සිදුවු බවයි.

නිල නිවසට පැය භාගයක පමණ දරුණු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ජනාධිපති අබේඩ් මන්සුර් හාඩි නිල නිවාස තුළ සිට ඇත. ජනාධිපති මාළිගයට සහ නිල නිවසට ප්‍රහාර එල්ල වී ඇත්තේ සමගාමීවයි.සානාහි ජනාධිපති මාළිගයේ පරිශ්‍රයේ තිබු අවි ගබඩාවක කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්වී තිබේ. ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට හානියක් සිදුවී නැතැයි වාර්තා වේ.

සානා නගරයට කැරුලිකරුවන් කඩා වැදුනේ මීට මාස පහකට පමණ පෙරයි. ජනාධිපති මාළිගයේ ආරක්ෂාව බාරව සිටි කර්නල් සලේ අල් ජමලානි පවසන්නේ කුමන්ත්‍රණය දියත් කිරීමට කැරලිකරුවන්ට මාර්ගය අභ්‍යන්තරයෙන්ද සහාය ලැබී ඇති බයි.

රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිරියාමෙන් අනතුරුව පෙරේදා කැරලිකරුවන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා සාර්ථක වී ඇත.එක්සත් ජාතින්ගේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර ඇතිකරගත් සාම එකඟතාව කැරලිකරුවන් විසින් බිඳ දමා ඇත. කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත් ජනාධිපතිගේ ඉහළ පෙලේ සහයකයෙක් වු අහමඩ් බින් මුබරක් මුදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඒ වෙනුවෙන් ව්‍යවස්ථාවේ සහ ජාතික බලඅධිකාරියේ වෙනසක් සිදු කළ යුතු බව කැරලිකරුවන් ඉල්ලා ඇත. මෑතදී උත්සන්න වූ ගැටුම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවය සහ කැරලිකරුවන් ඔවුනොවුන්ට ඇගිල්ල දිගු කරයි. යේමනයේ ගැටුම් හේතුවෙන් හය දෙනෙක් මියගොස් 67 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගුවන් ප්‍රහාර නායක තුවක්කු අතැතිව කැරලිකරුවන් ට්‍රක්රථවල නැගි නගරයේ සැරිසරන බවත්,සනා නගරයේ මුර පොළවල් ඔවුන් භාරයේ පවතින බවත් වාර්තා වේ.

අගමැති කාර්යාලය ආසන්නයේ ඇති මුරපොළද ඔවුන් යටත්කරගෙන ඇත. බුද්ධි අංශ මුලස්ථානයද ඔවුන්ගේ ග්‍රහණයට පත්වී තිබේ.  යේමන රජයට මෙවැනි ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ බවත්,පසුගිය සැප්තැම්බරයේ සානා නගරයට කඩා වැදීමේ මෙහෙයුමේ අවසන් අදියර දැන් ක්‍රියාත්මක වන බවත් විශ්ලේෂකයෝ පවසති.

(dinamina)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us