අවුශ්විට්ස් කඳවුරට හැත්තෑවයි

Published in විදෙස්
Wednesday, 28 January 2015 09:53

සෝවියට් රුසියානු හමුදා විසින් පෝලන්තයේ අවුශ්විට්ස් වද කඳවුරේ සිටි රැඳවියන් බේරා ගැනීමේ හැත්තෑ වන සංවත්සරය සැමරෙයි.

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් පවත්වා ගෙන ගිය විශාලතම වද කඳවුර ලෙස අවුශ්විට්ස් කඳවුර සැලකේ.

එක්දහස් නවසිය හතළිහ සහ එක්දහස් නවසිය හතළිස් පහ වසර අතර කාලයේදී අති බහුතරයක් යුදෙව් ජාතිකයන් ඇතුළු දස ලක්ෂයකට ආසන්න පිරිසක් නාසි හමුදා විසින් අවුශ්විට්ස් කඳවුරේදී ඝාතනය කරනු ලැබිණි.

නාසි හමුදා විසින් යටත් කර ගනු ලැබූ යුරෝපා රටවල විසූ ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජාතිකයන් මෙම කඳවුර වෙත ප්‍රවාහනය කර ඇත්තේ දුම්රිය මගිනි.

මීට වසර හැත්තෑවකට පෙර නාසි වද කඳවුරේ සිට දිවි බේරා ගත් පුද්ගලයෝ කඳවුර පිහිටි ස්ථානයේ මල් වඩම් තැන්පත් කළහ.

මේ වන විට පෝලන්ත ආණ්ඩුව විසින් කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යන අවුශ්විට්ස් වද කඳවුර යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.

දිවි රැක ගත් පිරිස් ඇතුළු දහස් සංඛ්‍යාත සංචාරකයන් අවුශ්විට්ස් වද කඳවුර නැරඹීමට වාර්ෂිකව පැමිණෙති.

(bbc)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us