චීනයේ අන්තර්ජාල භාවිතයට නව නීති

Published in විදෙස්
Thursday, 05 February 2015 10:07

චීනයේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කර තිබෙනවා. එරට සමාජවාදී දේශපාලන ක්‍රියාපිළිවෙතට අන්තර්ජාලය හරහා එල්ල වන බලපෑම් වැලැක්වීමේ අරමුණින් මෙම නීති දැඩි කර ඇතැයි පැවසේ .

විපක්ෂ කණ්ඩායම් සමාජවාදී පාලනය අනිසි ලෙස විග්‍රහ කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගන්නා බව චීන රජයේ අදහසයි. නිවේදනය කර ඇති නව නීතින්ට අනුව අන්තර්ජාලය භාවිතයට පෙර සම්බන්ධතා සංකේත සහිතව තම නම ලියාපදිංචි කළ යුතුයි.

එමෙන්ම එරට සමාජවාදී දේශපාලන ක්‍රියාවලියට අභියෝගයක් වන කරුණු හෝ අදහස් පල නොකරන බවටද පොරොන්දුවක් ලබාදිය යුතු බව ද සඳහන් වේ. ගත වූ සති කිහිපය තුළ ඇතැම් පුද්ගලික ජාල සහ බ්ලොග් අඩවි හරහා එරට දේශපාලන ක්‍රියාවලිය විවේචනය කරමින් අදහස් පළ කර තිබුණි.

ලොව අන්තර්ජාල භාවිත කරන්නන් අතරින් වැඩිම පිරිසක් ජීවත් වන්නේ  චීනයේයි. එම සංඛ්‍යාව මිලියන 649ක් පමණ වේ. දේශපාලන විචාරකයන් මත පළකරන ආකාරයට නව වාරණයන් එරට ජනතාව තුළ අන්තර්ජාලය භාවිතයට ඇති උනන්දුව අඩු කිරීමට හේතු වනු ඇති බව පැවසේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us