ට්‍රාන්ස් ඒෂියා ගුවන් අනතුරින් මියගිය ගණන 31 දක්වා ඉහළට

Published in විදෙස්
Friday, 06 February 2015 09:59

පසුගිය බදාදා තායිවානයේ සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 31 දක්වා ඉහළ නැග තිබේ.12 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බැවින් මියගිය ප්‍රමාණය තවත් ඉහළ යාමට ඉඩ ඇති බව තායිවාන බලධාරීහු පවසති.

තායිපේ ගුවන්තොටුපළින් ගුවන්ගත වූ GE235 ටාන්ස් ඒෂියා යානය තුළ මගීන් 58දෙනෙක් සහ කාර්ය මණ්ඩලය ගමන් ගත් අතර ගුවන් ගත වී නොබෝ වේලාවකින් එය තායිවානයේ නොගැඹුරු ගංගාවකට කඩා වැටිණි.

තායිවානයේ සිවිල් ගුවන්සේවා පරිපාලනය පවසන්නේ 15 දෙනෙකු පමණ දිවි ගලවා ගැනීමට සමත් වී ඇති බවයි. මියගිය අය අතුරින් 16ක්ම යානයේ ගමන්ගත් චීන සංචාරකයන්ය.

ගුවන් යානයේ නියමුවා වූයේ 42 හැවිරිදි ලියාඕ චියෙන් සුන්ය. ඔහුත් සමඟ යානයේ සහායක නියමුවාද ජීවිතක්ෂයට පත් වූ බව සිවිල් ගුවන්සේවා පරිපාලනය පවසයි.

ගුවන් යානය අනතුරට පත් වන අවස්ථාව ඉතා අහඹු ලෙස ඡායාරූප ගත කිරීමට එම අවස්ථාවේ මෝටර් රථයක ගමන් කළ මගියකු සමත් වී තිබුණි.

ගංගාවට වැටීමට පෙර මහල් නිවාස හා වානිජ ගොඩනැගිලි අතරින් යානය ගෙනැවිත් කිට්ටුවෙන්ම පිහිටි තායිපේ හි ෂොංග්ෂාන් ගුවන්තොටුපළ දක්වා ගෙන ඒමට ගුවන් නියමු ලියාඕ උත්සාහයක් ගත් බව තායිවාන මාධ්‍ය වාර්තා කර තිබිණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us