ISIS සටන්කාමීන්ගෙන් සිරියාවට ප්‍රබල ප්‍රහාරයක්

Published in විදෙස්
Friday, 18 July 2014 15:33

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් (ISIS) මධ්‍යම සිරියාවේ පිහිටි ස්වභාවික වායු නිධියක් අයත් ප්‍රදේශයක් අත්පත් කරගැනීමේදී 90 දෙනෙකුට අධික පිරිසක් ඝාතනය කර ඇති බව අද(18) සිරියානු නිරීක්ෂණ කණ්ඩාමක් වාර්තා කර ඇත.

ඊයේ(17) දිනයේ උදෑසන අයිසිස් සටන්කාමීන් ෂාගාර් ස්වභාවික වායු නිධි ප්‍රදේශයට පහර දුන් අතර එදින තුළ පමණක් එහි ආරක්ෂකයින් 23 දෙනෙකු ඝාතනය කෙරී ඇති බව සිරියානු මානවහිමිකම් නිරීක්ෂණ අංශ පවසයි

ජාතික ආරක්ෂක බලකාය (අතුරු හමුදා), පරිශ්‍රයේ ආරක්ශකයින්, ඉංජිනේරුවන් හා සේවකින් ඇතුළු පරිශ්‍රය තුළ සිටි 340 දෙනෙකුගේ ඉරණම පිළිබඳ තොරතුරු තවමත් ලැබී නැති බව මානව හිමිකම් නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂක රාමි අබ්දෙල් රහමන් මාධ්‍ය සාකච්චාවක දී පැවසීය.

ISIS සංවිධානයේ සටන්කාමීන් 12 දෙනෙක්ද සටනේදී ජීවිතක්ෂය පත්ව ඇත. මෙම ප්‍රහාරය සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් ගේ රජයට එරෙහිව එල්ල කෙරුණු බරපතළම ප්‍රහාරය බව ඔහු වැඩිදුරටත් පැවසීය

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us