පුටින් සහ මෝදි නූලෙන් බේරෙති

Published in විදෙස්
Saturday, 19 July 2014 22:25

පුද්ගලයක් 295 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 ගුවන් යානයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ගුවන් යානා නූලෙන් බේරී ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළේ ය.

එම වාර්තා අනුව නරේන්ද්‍ර මෝදි මහතා ගමන් ගත් ගුවන් යානය සිද්ධිය වීමට පැය 2කට පෙර එම ස්ථානයෙන් අහසේ පියාසර කර ඇති බවත් පුටින් මහතා ගමන් ගත් ගුවන් යානය ඛේදවාචකය සිදුවීමෙන් පැයකට පසු ගමන් කොට ඇති බව සඳහන් වෙයි.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා ගමන් ගනිමින් සිටියදී මගීන් හා කාර්ය මණ්ඩලය 295 දෙනකු රැුගෙන යමින් සිටින අතරතුර නැගෙනහිර යුක්රේන අහසේදී එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් පසුගිය 17 වැනිදා බෝයිං 777 මගී ගුවන් යානය ෂැක්ටර්ස් ප‍්‍රදේශයට කඩාවැටුණි.

‘රෂියා ටුඬේ’ වාර්තාවක් අනුව යුක්රේන හමුදා විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පුටින් මහතා ගමන් ගත් ගුවන් යානය ඉලක්ක කොට ඇති බවට සැකයක් ඉස්මතු වී තිබේ. ඛේදවාචකයට ලක්වූ මලයාසියානු ගුවන් යානයත් පුටින් මහතා ගමන් ගත් ගුවන් යානයත් බාහිර පෙනුමෙන් එක හා සමාන බව තවත් විදෙස් වාර්තාවක සඳහන්ය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර, එම පරීක්ෂණය පැවැත්වීමට සිද්ධිය වූ ස්ථානයට පරීක්ෂණ කණ්ඩායමකට යාමට අවසර දිය යුතු බව අවධාරණය කොට ඇත.

අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, මැලේසියානුවන් 43ක් (බිලිඳුන් දෙදෙනෙක් ඇතුළුව), ඕස්ටේ‍්‍රලියානු 27ක්, ඉන්දුනීසියානුවන් 12ක් (බිලිඳකු ඇතුළුව), බි‍්‍රතාන්‍යයන් 9ක්, ජර්මානුවන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයන් 3ක්, කැනඩා ජාතිකයන් 3ක් හා හඳුනානොගත් විදේශිකයන් 41 දෙනකු සිටි බව තහවුරු වී තිබේ.

මේ අතර ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හිදී පැවැත්වෙන ඒඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් විසින් තහවුරු කර තිබිණ. ඒඕස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(රිවිර)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us