දිල්ලි පාලනය දූෂණ විරෝධීන් අතට

Published in විදෙස්
Wednesday, 11 February 2015 11:10

ඉන්දීය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්ෂයට හිමිවිය.

දූෂණ විරෝධී පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය සියයට අනූවකට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබේ.

පසුගිය මැයි මාසයේ පැවති ඉන්දීය මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව තුනකි.

දූෂණ විරෝධී පක්ෂයේ නායක අර්වින්ද් කේජ්රිවාල්ගේ ජයග්‍රහණයට අගමැතිවරයා සුබ පතා ඇති අතර පුරා වසර පහළොවක් දිල්ලි ප්‍රාන්තයේ ජය තහවුරු කර ගෙන සිටි කොංග්‍රස් පක්ෂයට එකඳු ආසනයක්වත් දිනා ගත නොහැකි වී තිබේ.

පසුගිය දිල්ලි මැතිවරණයෙන්ද අරවින්ද් කේජ්රිවාල් ජය ගත් නමුත් බලයට පත් වී දින හතළිස් නවයකට පසු ඔහු ඉල්ලා අස් විය.

ඔහු ඉදිරිපත් කළ දූෂණ මැඬලීමේ පණතක් සම්මත කිරීම, විරුද්ධ පක්ෂය විසින් අවහිර කරනු ලැබීමත් සමග මහඇමති පදවියෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.

 

Last modified on Wednesday, 11 February 2015 11:17

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us