යුක්‍රේනයේ දරුණු සටන් ඇවිළෙයි

Published in විදෙස්
Thursday, 12 February 2015 10:38

යුක්‍රේන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් බදාදා පැවැත්වීමට නියමිතව තිබියදී ඊ‍ට පෙර දින නැඟෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදාව අතර දරුණු සටන් ඇවිලී ගොස් තිබේ.

යුද මුක්ත කලාපයට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවලට පවා ෂෙල් වෙඩි ප්‍රහාර ඉලක්ක කිරීම හේතුවෙන් පුද්ගලයන් 12ක් මිය ගිය බවට යුක්‍රේන රජය චෝදනා කරයි.

ජර්මනිය සහ ප්‍රංශයේ මැදිහත් වීමෙන් සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ උත්සාහයක් දැරීමට නියමිතය. සංහිඳියාවෙන් කටයුතු කරන ලෙස ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබේ. බදාදා බෙලරූස්හි මින්ස්ක් නගරයේ පැවැත්වීමට නියමිත සිව් පාක්ෂික සාම සමළුව ව්‍යවර්ථ කිරීමට හේතු විය හැකි ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙසද අවධාරණය කර තිබේ.

මාස දහයක ආසන්න කාලයක් තුළ ඇදී යන 5300කට අධික පිරිසකට මරු කැඳවූ යුක්‍රේන් අර්බුදය විසඳීමේ 'අවසාන අවස්ථාව' මෙය විය හැකි බව යුක්‍රේන් ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ පවසා තිබේ.

කරමටෝස්ක් නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් 12 දෙනෙක් මිය ගොස් 64ක් තුවාල ලබා ඇත. මේ අතර ප්‍රාදේශීය හමුදා කඳවුරක්ද එම ප්‍රහාරයට ලක්වූ බව ජනාධිපතිවරයා චෝදනා කරයි. මේ අතර ඊසාන දිග ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් යළි අල්ලා ගැනීමට හැකිවූ බවත් ඒ නිසා කැරලිකරුවන්ට රුසියන් දේශසීමාව කරා පසුබැසීමට සිදු වූ බවත් සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කර තිබේ. කෙසේ වෙතත් මෙය සාවද්‍ය තොරතුරක් බව කැරලිකරුවන්ගේ ප්‍රකාශක ඉඩුයාඩ් බසුරින් පවසා තිබේ.

(dinamina)

Last modified on Thursday, 12 February 2015 10:39

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us