යුක්‍රේන සටන් විරාමය ඇරඹේ

Published in විදෙස්
Monday, 16 February 2015 10:12

රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදා අතර ඇති කර ගත් සටන් විරාමය ඊයේ (ඉරිදා) පටන් ආරම්භ විය.

සටන් බිම ඉදිරි කලාපය සන්සුන් වී ඇති නමුත් ප්‍රාදේශීය වශයෙන් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිති.

රුසියානු හිතවාදී කැරලිකරුවන් එල්ල කළ ශෙල් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී ලුහාන්ස්ක් නගරයට නුදුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මේ අතරතුර තවත් ප්‍රදේශයකදී යුක්රේන හමුදාව තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට කැරලිකරුවෝ චෝදනා කරති.

සටන් විරාමය බිඳලමින් කටයුතු කළ හොත් තම හමුදාව ද ප්‍රතිචාර දක්වනු ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා කැරලිකරුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

මීට පෙර ඇති කර ගත් සටන් විරාමය ඉතා ඉක්මනින් බිඳ වැටුණි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us