ගැටුම් හේතුවෙන් බර අවි ඉවත් කර ගැනීම යුක්‍රේන හමුදාව ප්‍රතික්ෂේප කරයි

Published in විදෙස්
Wednesday, 25 February 2015 13:50

නැගෙනහිර යුක්‍රේනයේබෙදුම්වාදී කැරලිකරුවන් යුක්‍රේන් හමුදාවට දිගින් දිගටම පහර දෙන බවට චෝදනා කරමින් යුක්‍රේන් බර අවි යුද පෙරමුණෙන් ඉවත්කර ගැනීම පොරොන්දු වූ පරිදි සඳුදා සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය 15 වෙනිදා අත්සන් කළ සටන් විරාම ගිවිසුමට අනුව දෙපාර්ශවය විසින්ම යුද මුක්ත කලාපය දෙසට කිමී 25-75 දක්වා සිය බර ආයුධ ආපස්සට ගත යුතුවේ .

යුක්‍රේන රජය ඉරිදා පවසා තිබුණේ තමන් මෙම කාර්යය කිරීමට සුදානම් වන බවයි. හමුදා මෙහෙයුම් පිළිබඳ නියෝජ්‍ය අණදෙන නිලධාරී වැලන්ටයින් ෆෙඩිචිව් පවසන අන්දමට පසුගිය පැය 24 තුළ යුක්‍රේන හමුදාවලට එරෙහිව ප්‍රහාර 27 ක් එල්ල කර තිබේ.

බර අවි ආපසු ගැනීම පිළිබඳව විමර්ශනය කරනු ලබන්නේ යුරෝපා ආරක්ෂක සහ සහයෝගිතා සංවිධානයේ නිරීක්ෂණ දූත පිරිස විසිනි.

පොලිසිය සහ කැරලිකරුවන් අතර ගැටුමකින් එක් පොලිස් භටයෙක් සහ කැරලිකරුවෙක් මියගොස් ඇත.පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද පොලීසිය විසින් අල්ලා ගෙන තිබේ.

කැරලිකරුවන්ට හමුදා ආධාර සහ යුද ආයුධ සපයන බවට කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. එහෙත් මේ බව චන්ද්‍රිකා ඡායාරුපවලින් තහවුරු වී ඇතැයි අවධාරණය කරන බටහිර බලවතුන් සහ නේටෝ හමුදාව එම ප්‍රතික්ෂේප කිරීම බැහැර කර ඇත.

 

Last modified on Wednesday, 25 February 2015 13:52

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us