බංග්ලාදේශ විපක්ෂ නායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග

Published in විදෙස්
Thursday, 26 February 2015 10:12

බංග්ලාදේශ් අධිකරණයක් එරට විපක්ෂ නායිකා ඛලිදා ෂියා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

එරට අධිකරණය මෙම නියෝගය නිකුත් කරන ඇත්තේ කලක සිට එල්ලවී ඇති දූෂණ චෝදනා වලට මුහුණ දීම සඳහා ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

විපක්ෂ නායිකා ඛලිදා ෂියා චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඒවා දේශපාලන අරමුණු මගින් මෙහෙයවන ලද ඒවා බවයි.

විපක්ෂ නායිකා ඛලිදා ෂියා, මීට මාස දෙකකට පෙරදී මහා මාර්ග, දුම්රිය සහ ජල සැපයුම් මාර්ග අවහිර කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙන් රටේ ව්‍යාපාරික කටයුතු අඩාලවී ඇති අතර වරින් වර හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සිය ගණනක් මිය ගියහ.

පසුගිය මහා මැතිවරණය දූෂිත එකක් බව පවසන විපක්ෂය අලුතින් මැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටී.

 

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us