ඇමරිකානු Forbes මාධ්‍ය සමාගමත් චීනයට හිමිවෙයි

Published in විදෙස්
Monday, 21 July 2014 07:50

වසර 97ක් ඇමෙරිකාවේ පවුලේ ව්‍යාපාරයක් ලෙස පැවති Forbes මාධ්‍ය සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, තම සමාගමේ කොටස් අයිතියෙන් බහුතරයක් හොංකොං කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර ආයෝජක කණ්ඩායමක් වෙත විකිණූ බවයි.

සුප්‍රකට Forbes සඟරාවද අයත් ෆෝබ්ස් මාධ්‍ය සමාගම ඒකාබද්ධ Whale මීඩියා ඉන්වෙස්ට්මන්ට්ස් විසින් මිලදී ගෙන ඇත්තේ ප්‍රකාශයට පත් නොකළ වටිනාකමකටය.

කෙසේ වෙතත් ෆෝබ්ස් පවුල පවසා සිටින්නේ තමන්ට තවමත් සමාගමෙන් සැලකිය යුතු කොටස් අයිතියක් හිමිව පවතින බවයි.

ඒ අනුව, ෆෝබ්ස් මාධ්‍ය සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ ස්ටීව් ෆෝබ්ස් එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බවද කියැවෙයි.

එමෙන්ම, සිය මෙහෙයුම් ඉදිරියටත් ඇමෙරිකානු මූලස්ථානයේ සිට සිදුකිරීමට ඔවුන් කටයුතු කරන අතර, ඉදිරියේදී සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය වැඩි කිරීමේ බලාපොරොත්තුවක්ද පවතින බව කියයි.

Last modified on Monday, 21 July 2014 08:01

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us