කෙන්යානු සරසවියකට එල්ල වූ ප්‍රහාරයෙන් 147ක් මරුට

Published in විදෙස්
Friday, 03 April 2015 10:50

කෙන්යාවේ ගරිස්සා ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 147 ක් දක්වා වැඩි වී තිබේ. කෙසේවෙතත් කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිසුන් සියලූ දෙනා මේ වනවිට බේරාගෙන තිබෙන බව බී බී සී ලෝක සේවය පවසයි.

ප්‍රහාරය සිදුකළ තුවක්කුකරුවන් ‘අල් ෂබාබ්’ ජිහාඩ් කැරලිකරුවන් බව පැවසේ.

ප්‍රහාරයට පැමිණ ඇති කැරළිකරුවන් ගණන 4 දෙනෙකු බවද ඔවුන් 4 දෙනාම බේරා ගැනීමේ මෙහෙයුමේදී මියගොස් ඇත. මොවුන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලවලින් හා ඒ කේ 47 වර්ගයේ ගිනි අවිවලින් සන්නද්ධව සිට ඇති අතර ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී සිසුන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන මෙම ප්‍රහාරය සිදුකර ඇත.

ගරිස්සා විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව මේ වනවිට සහතික කර තිබෙන බව කෙන්යානු ආණ්ඩුව පවසනවා.

කෙන්යා හමුදා 2011 වසරේ සෝමාලියාව ආක්‍රමණය කළ අතර, කෙන්යාව සමඟ සටන් වැදී සිටින අල් ෂබාබ් ජිහාඩ් කැරලිකරුවන් නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තමන් සරසවිට පහර දුන් බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us