ඇමරිකාව හා කියුබාව තානාපති කාර්යාල විවෘත කිරීමට සැරසෙයි

Published in විදෙස්
Wednesday, 01 July 2015 13:40

ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ ඉදිරි පිවරක් ලෙස දෙරටේ ප්‍රධාන නගර දෙකේ තානාපති කාර්යාල විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

1960 වසරේ ඇමරිකාව විසින් කියුබාව සමඟ පැවති සම්බන්ධතා නවතා දමා ආර්ථික සම්බාධක පනවනු ලැබීය. නමුත් 2014 වර්ෂයේදී නැවතත් ඇමරිකාව සහ කියුබාව අතර සම්බන්ධතාවය ඇරඹිණි.

මෙම තානාපති කාර්යාල ඇරඹීම සම්බන්ධයෙන් අද(01) බැරක් ඔබාමා නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ධවල මන්දිර බලධාරීන් පවසයි.

තානාපති කාර්යාල මෙම මස මැදදී විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1977 වසරේ සිට කියුබාව සහ ඇමරිකාව තානාපති සේවා පවත්වාගෙන යන්නේ ස්විස්ටර්ලන්තයේ මැදිහත්වීම යටතේයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us