ඉන්දුනීසියානු ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට

Published in විදෙස්
Wednesday, 01 July 2015 09:42

ඉන්දුනීසියානු හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට කඩා වැටීමෙන් මිය ගිය 141 ක් දෙනෙකුගේ සිරුරු මේවන විට සොයාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.

යානය අනතුරට පත් වන මොහොතේ මගීන් 122ක් යානයේ ගමන් කර ඇති අතර කඩා වැටීමට පෙර පුපුරා යාම හේතුවෙන් කිසිවෙක් ජීවිතය බේරාගැනීමට සමත්ව නොමැති බව පැවසේ.

ගුවන් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු මෙම යානය කඩා වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙඩාන් නුවරටයි.

යානයේ සිටි මගීන් ගුවන් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් බව පැවසේ. එසේම අවම වශයෙන් යානය කඩා වැටෙන අවස්ථාවේ වෙළඳසැල්වල සිටි පුද්ගලයන් 19 දෙනෙකු පමණ මිය යන්නට ඇතැයි සැළකේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us